මළ  සිරුරෙහි හදවත සුළු මොහොතක් ක්‍රියාත්මක වෙයි..
සිරුරෙහි තැනින් තැන ප්‍රදේශ චලනය වෙයි. හුස්ම ගන්න බවක් පෙනේ...
නාසයෙන් කටින් රුධිරය එයි. කැපුම් ස්ථාන වලින් ලේ වැගිරෙයි.
මෙම සිදුවීම් තත්පර කිහිපයක් පමණක් සිදුවන නමුත් ඒ සුළු කාලය ඇතුලත මල සිරුරෙහි ජීවයක් පවතී.
ඔබට විශ්වාස නොමැතිද? එසේනම් මෙතැන් සිට හොදින් කියවා වීඩියෝව නරබන්න ..

ඉතා කුඩා ළමයින්, ඉතා සුළු දෙයටත් බියට පත්වන පුද්ගලයින් හා හදවත් රෝග ඇත්තවුන් මෙය නැරබීමෙන් වලිකින්න.
කිසිදු ලෙසකින් අත්හදා බැලීමට නොයන්න..

ඇත්තටම මළ මිනිසෙකුට පණ  ගන්නවා යැයි  කිව්වොත් නිසැකයෙන්ම ඔබ පුදුම වනවා සහ එක්වරම විශ්වාස නොකරනු ඇත. නැතිනම් අප හට දෝෂාරෝපණය කරණු  ඇත...  පුරාණ  කතාවල අද්භූත ලෙස මිනිසෙකුට ජීවය ලබාදීම් සහ යන්තර මන්ත්‍ර ගුරුකම් වැනි ගුප්ත බලවේග මගින් ප්‍රාණය නිරුද්ධ වූ සිරුරකට නැවත ජීවය ලබා දීම්  වැනි විශ්මිත දේ  ඔබ කොතෙකුත් අසා ඇත..
නමුත් ඔබට මතුවන ගැටලුවනම් මිනිසෙකු මළ  පසු එම සිරුරට තවදුරටත් ජීවත් වීමට අවශ්‍ය (ජීවයකට අවශ්‍ය) වටපිටාවක් පවතීද යන්නයි.. එසේ සිදුකල හැකිනම් එය නවීන විද්‍යාව පවා අභිබවා යන සාධකයක් වනු ඇත..
නමුත් වයිද්‍ය  විද්‍යාව අනුව යම් සිරුරකට අභයන්තරිකව හෝ බාහිරව අනතුරක් සිදුවී හෝ නොවී ප්‍රාණයක් නොමැති වූ විට නැවතත් කිසිසේත්ම ප්‍රාණය ස්ථීර වශයෙන්ම පවත්වාගෙන යෑම  අපහසුය.. අනෙක මොළය  හා හදවත යන දෙකම ක්‍රියාකාරීත්වය අඩාල  වූ විට කිසිසේත්ම සාමාන්‍ය තත්වයක් යටතේ ජීවයක් පැවතිය නොහැකිය..

එසේනම් මේ අයුරින් කෙසේද මළ  සිරුරකට ප්‍රාණය ලබාදෙන්නේ...
ඔව් එය පුළුවන්.. තත්පර කීපයකට,
නමුත් මෙයින් අදහස් කරන්නේ මළ මිනියකට නැවතත් ජීවයක් ලබා දී ඔහු හෝ ඇය තවදුරටත් ජීවත් කරවීමවත්,  ඔහු නැගිට කතා බහ කිරීමක්වත් නොවේ. ප්‍රාණය තාවකාලිකව ලබා දීමක්. ඇත්තටම මෙය විශ්මිත ජනක වුවත් එය සිදුවන ආකාරය වීඩියෝව නැරබීමෙන් ඔබට පසක් වනවා ඇත..

අධි මානසික බලයෙන් මළ මිනියකට පණ දෙන ඇස් මවිත කරවන වීඩියෝව
කරුණාකර සංවේදී පුද්ගලයින් මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න..

මේ අපූරු හැකියාව, එහෙමත් නැත්නම් අධි මානසික බලය තියෙන්නේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ මැජික් කරුවෙකු වන ක්‍රිස් ඒන්ජල් නැමැත්තාටයි. ඔහුගේ මෙවැනි ඉන්ද්‍රජාලික වැඩ නිසා කලකට පෙර ලොව ලොකු ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවා. අද අපි ඔබට පෙන්වන්න යන්නේ ඔහු විසින් කලා වූ ඉතාමත් විස්මිත දෙයක්. ඒ තමයි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහයට අධි මානසික බලයෙන් මොහොතකට නැවතත් ප්‍රාණය ලබා දීම. ජීවත්ව සිටින කෙනෙකුගේ ජීවය මොහොතකට මළ මිනිය සමග හුවමාරු කර ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. මොකක්ද මේ වෙන්නේ කියලා ඔයාලාම බලලා ඉන්නකො...



ඇත්තටම මෙම වීඩියෝව නැරබීමෙන් ඔබට සිතුනේ කුමක්ද? මෙය සත්‍යක්‌  නොවිය හැකි බවධ? ඔබ විශ්මය ජනක වුවා විය හැකිය. නමුත් ඇත්තටම මෙය මැජික් එකක් නොඑසේනම් ඇස්  බැන්දුමක්  පමණි. එසේනම් මේ පුදුම සහගත දේ සිදු කළ  ආකාරය අප ඔබට හෙළිදරව් කරන්නෙමු. පහත වීඩියෝව නරබන්න..

Post a Comment

Powered by Blogger.