අනුපමා.. රූමත් ඉන්දියානු කාන්තාවක්. ඇය නාන තුවාය පමණක් ඇග ලාගෙන තම ජංගම දුරකථනයෙහි සංවාදයක යෙදෙමින්ම නාන කාමරයට ඇතුල් වෙයි.
අනෙක් පස සිටින්නේ ඔහුගේ පෙම්වතාය..  ඇය සැරසෙන්නේ ස්නානය කිරීමටය. මේ බව ඇය පෙම්වතාට සැල කරමින් දුරකථන සංවාදය අවසන් කිරීමට ඔහුගෙන් අවසර පතයි.. 

එහෙත් 
ඇය නෑමට සැරසෙන බව දැනගන්නා ඔහුගේ පෙම්වතා අපූරු යෝජනාවක් ගෙන එයි..

"අපෝ.. බෑ පිස්සුද ඔයාට, දැකල නැද්ද ඔයා. පෙන්නන්ම්කො පස්සේ ආවම  ... "

එහෙත් ඔහුගේ ආයාචනය බලවත්ය .. ඇය එය ඉටු කිරීමට සැරසෙයි..

"හැබැයි ඔන්න බැලුව හැටියේම මකල දාන්න ඕන "

ඒ අයගේ ආයාචනයයි.. 
කෙසේ හෝ ඇය තම එක අතකින් දුරකථනයෙහි කැමරාව Open කොට අනිත් අතින් තුවාය මදක් ගලවා දමයි..

ජායාරූපය ගන්නා ඇය ඔහුට එවෙලේ send කරයි.

"ඔන්න මම එව්වා. බලල ඉක්මනට මකල දානව "

එහෙත් තත්පර කිහිපයක් ගියද එය ඔහුට නොලැබුන බව කියයි. විහිළුවක් හෝ කරමින් නැවතත් තව එකක් ඒවා ගැනීමට කරන කපටි කමක්දෝ සිතමින් ඇය .....

"එව්වනේ අනේ දැන්. ඉන්න බලන්න "

ඇය නැවතත් තම දුරකථනයෙහි WhatsApp Messages පරික්ෂා කොට බලයි.. 

දකින දෙයින්  ඇයගේ කකුල් පණ නැතිවෙයි.. 

"අනේ බබා.. ඔයාට එව්ව ෆොටෝ එක වැරදිලා ගිහින් තියෙන්නේ තාත්තගේ චැට් එකට " ..

ඒ වනවිටත් ඇයගේ පියා එය seen කොට Reply කිහිපයක් ඒවා අවසානය. ඊලග මොහොතේ සිදු වන්නේ කුමක්ද?

එය නැරබිය හැක්කේ පහල ඇති සම්පූර්ණ video ව නැරබීමෙන් පසුවය.

නිරුවතින් Selfie ගසා හුවමාරු කරගැනීම ඒ තරම් හොද බුද්ධිමත්  ක්‍රියාවක් නොවුනද, වර්තමානයේ තරුණ පෙම්වතුන් හා පෙම්වතියන් අතර සිදුවන  සුලබ දෙයකි. මෙය තම පවුද්ගලිකත්වය හා ආරක්ෂාව අනුව බලන කල ඉතා භයානක සිදු වීමකි කෙසේ වෙතත් මෙහෙදී පෙම්වතුන් වඩාත් සතුටට පත් වන ක්‍රියාවක් වන නිසාත් තම ආදරය සනාත කරලීමේ උපායක් වශයෙන්ද තරුණියන් මෙසේ නිරුවත් ජයාරූප යැවීම නිරායාසයෙන්ම සිදු කරයි.. 

දිල්ලි ටෝකීස් විසින් ඉදිරිපත් කර ඇති මෙම Video ව හාස්‍ය උත්පාදක Video වක් වුවද එයින් විශාල ආදර්ශයක් ලබා දීමට උත්සාහ කරයි.. 

දිල්ලි ටෝකීස්ගේ සම්පූර්ණ වීඩියෝව මෙතැනින් නරඹන්න:
මෙහිදී උත්සාහ කරනුයේ ඔබගේත් ඔබගේ පෙම්වතාගේත් ආශාවන්, හැගීම් මැඩ පැවත්වීමට නොවේ. ඔබ පෙම්වතාට යවන ජායාරූපය ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්වම වෙනත් ඔහුගේ මිත්රන්ටද නැරබීමට හැකියාව තිබෙනවා නොවේද ? එය ඔබ යැවූ පරිදිම social Media හරහා වෙනත් අයෙකු වෙත Forward වීමට හැකියාව තිබෙනවා නේද, මදක් සිතන්න..  ඉහත Video ව ඔබ සිනහසෙමින් රසවින්දද, එවැනි අකරතැබ්බයක් ඔබට වෙනතාක් පමණි.
බුද්ධිමත්ව සිතා මතා ඔබගේ  නිරුවත විදීමට ඉඩ හැරීම ඔබගේ කැමැත්ත මත සිදුවන කාර්යකි. නමුත් එය ලෝකයා ඉදිරි පිටම සිදු වනවාද යන්න ඔබම තීරණය කරන්න.
ඔබගේ සහෝදරිය, මිතුරිය, හෝ ඔබට සමීප ඕනෑම කාන්තාවක හට මෙවැනි දේ සිදු විය හැකිය. එම නිසා දැනුවත් කරන්න...

ඔබගේ අදහස් පහතින් දක්වන්න.. මේ ලිපිය වැදගත් නම් Share කරන්න ..
මේ වගේ තවත් රසවත් ලිපි කියවන්න අපිව Like කරන්න අමතක කරන්න එපා ..

Post a Comment

Powered by Blogger.